සජිත් චිත්‍රපටියේ නිකන්ම ජෝකර් විතරයි..! ජෝකර් ගෝඨාට අභියෝගයක් නෙමෙයි…! එකම අභියෝගය මමයි..!- අනුර…

April 6, 2021 at 10:25 am | by emanisa.lk

ධනපති පක්ෂවලට එරෙහිව කටයුතු කරන එක ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.

හිඟුරක්ගොඩ පුලතිසි තාරුකා මණ්ඩපයේදී ඊයේ (05) පස්වරුවේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ 50 වන විරු සමරුවට එක්වෙමින් ජවිපෙ නායකයා මෙසේ පැවසීය.

“කුඩා කුඩා බියගැන්වීම්වලින් ජනාධිපතිවරයාගේ කැකිල්ලේ කොමිසම්වලින් අපි බය කරන්න බෑ. 1971 පරම්පරාවේ ආදර්ශයන් මඟ පෙන්වීම්, වීර්යය, අධිෂ්ඨානය උකහාගන්නා මිනිසුන් අපි. ඔය කුඩා කුඩා කෙනිත්තිලිවලට යටත්කරන්න පුළුවන් මිනිසුන් නොවන බව මතක තබාගන්න. සතුරා කෝපයට පත් වී තිබෙනවා.

සතුරට සෘජුව මුහුණ දෙන්නේ කවුද? සජිත් ප්‍රේමදාස? කවදාවත් කිසිදු චිත්‍රපටයක දී ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නෑ ජෝකර්. ජෝකර් කොහෙද ප්‍රධාන නළුවා පරාජය කරලා තියෙන්නේ? කිසිදු චිත්‍රපටයක නෑ, ජෝකර්, ජෝකර් නළුවා එච්චරයි. ඒගොල්ලෝ අභියෝගයක් නෙමේ ඒ අයට. එක අන්තයේ මිනිස්සු එක රැකවරණය ලබන මිනිස්සු.

එකට සහයෝගයෙන් කටයුතු කරන මිනිස්සු. ඒ නිසා අදත් මේ ධනපති පන්තියේ පක්ෂවලට විරුද්ධව කෙළින් හිටගෙන ඉන්න ව්‍යාපාරය මේ ජනතා විමුක්ති පෙරමුණ. සතුරා ඒක දන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *