සජිත් අනුර පාර්ලිමේන්තුව වර්ජනය කළේ ධම්මිකගේ සල්ලිවලට…! – ෆීල්ඩ් මාර්ෂල්…

June 30, 2022 at 8:27 am | by emanisa.lk

ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය 22 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක දිවුරුම් දුන් අතර අනතුරුව 24 වෙනිදා තාක්ෂණ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ ද දිවුරුම් දුන්නේය.

ධම්මික පෙරේරා 22 වන දින මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නියමිතව පවතින පසුබිමක 21 වෙනිදා සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක එම සතිය ම ජනතාව වෙනුවෙන් සිය පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කර ඇතැයි හදිසියේ ම ප්‍රකාශ කළේය.

සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (29) එම පක්ෂයේ තරුණ මන්ත්‍රී පිරිසක් සමග පවසා ඇත්තේ සජිත් සහ අනුර එම සතිය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කළේ ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දෙන විට විපක්ෂයෙන් මතුවිය හැකිව තිබූ විරෝධය වළක්වා ගැනීමට බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත සුඛෝපභෝගී මන්දිරය ගොඩනැඟූවේ ධම්මික පෙරේරාගෙන් මුදලින් බව ප්‍රකාශ වන අතර ජවිපෙ නායකත්වය දිගින් දිගට ම ධම්මික පෙරේරාගෙන් යැපුණු බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ චෝදනා කළේය.

ජවිපෙ සියලු නායකයින්ගේ නිවාස පවා ටයිල් කළේ ධම්මික පෙරේරාගේ සමාගමේ ටයිල්වලින් බවත් එය අසත්‍යයක් යැයි සිතන්නේ නම් ඕනෑ ම අයකුට එම නිවෙස් පරික්ෂා කළ හැකි බවත් සෝමවංශ අමරසිංහ වැඩි දුරටත් අනාවරණය කළේය.

පසුගියදා හිටපු අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ධම්මික පෙරේරාට පහර දෙන්නේ ඔහු ජවිපෙට පමණක් කප්පම් දෙන නිසා බවයි. ධම්මික පෙරේරාට එරෙහිව සජබ සහ ජවිපෙ කිසිවෙකු මෙතෙක් කිසිදු විචේනයක් එල්ල නොකිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *