පෙරටුගාමීන් ධම්මිකට ගහන්නේ ජවිපෙට විතරක් සල්ලි දෙන නිසා…! – විමල්…

June 14, 2022 at 4:46 pm | by emanisa.lk

ධම්මික පෙරේරා බංකොලොත්වී ඇති ආර්ථිකය ගොඩගත හැකි විශ්වකර්මයෙක් යැයි නොසිතන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

එසේ ම මෙම අර්බුදයෙන් ගොඩඒමට ඔහුට යමක් කළ හැකි නම් එය කුහක ලෙස විවේචනය කිරීමේ උවමනාවක් ද නැතැයි ඔහු අවධාරණය කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ධම්මික පෙරේරාට පහර දෙන්නේ ඔහුතෙන් ජනතා විමුක්ති පෙරමුණට ආර්ථික ප්‍රතිලාභ ලැබුණු නිසා යැයි ද හිටපු ඇමැතිවරයා හෙළි කළේය.

රටේ ඩොලර් අර්බුදය විසඳීමට ඔහුට හැකි නම් එය හොඳ බව ප්‍රකාශ කළ විමල් වීරවංශ, එය සිදුකරන්නේ පිට රටින් කුණු ගෙනැත් නම් ඉන් පලක් නැතැයි ද අවධාරණය කළේය.

ඊයේ (13) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *