ධම්මික මහත්තයට පොහොට්ටුවේ පල්හොරු එක්ක රට හදන්න බෑ…! – ජවිපෙ…

June 19, 2022 at 5:57 pm | by emanisa.lk

ආණ්ඩුව ලංකාවේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගෙන එන්නේ ඔහුගෙන් හෝ ගොඩයෑමේ උවමනාවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික එම පක්ෂ වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහ පවසයි.

මෙම දේශපාලන අස්ථාවරත්වය පවතින තුරු ධම්මික පෙරේරා මෙන් හත් අට දෙනෙකු ගෙන ආව ද රට ගොඩනැගිය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

“ධම්මික පෙරේරා මහත්තයට අදහසක් තියෙන්න පුළුවන් මේක හදන්න පුළුවන් කියල..ඒත් එතුමාට ඒක හදන්න වෙන්නෙ පල්හොරු රැළක් එක්ක..හොරු රැළක් එක්ක සම්බන්ධ වෙනකොට..

අර ඉදුණු අඹ ගොඩක කුණු අඹයක් තිබ්බම ඉතුරු අඹ ටිකත් කුණු වෙනව වගේ තමයි..එතුමාට ළගදීම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේවි.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *