සජිත්ලට අනුරලට ජනතාව ගැන කැක්කුමක් නෑ…! – වාසු….

May 3, 2022 at 7:28 am | by emanisa.lk

දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධ වීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුව ද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද හෙතෙම කියා සිටියේය.

තවත් මාස හයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ
නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත් ඔහු පැවසීය. නමුත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බව ද ඔහු සදහන් කරයි.

ජනතාව මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා නොසිටින බවත් ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා සජිත්ට හෝ අනුරට උවමනාවක් නැති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *