සජිත්ගේ බඩට ගහන්න උවමනාවක් නෑ..! ඒ නිසා විපක්ෂ නායකකම භාර ගන්නේ නෑ…! – මෛත්‍රී….

January 22, 2022 at 12:23 pm | by emanisa.lk

විපක්‍ෂ නායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂ නායක ධූරය භාර ගන්නා බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ (21) පැවැති සම්මාන උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පසුගිය කාලයේ නැගූ හඬ දැන් යටපත් වී තිබෙන්නේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්‍ෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බවත්, ඒවායේදී යළිත් සද්ධය ඇසෙනු ඇති බවත්ය.

මධ්‍යම කාරක සභාව හෙට (21) රැස්වන්නේ විශේෂ තීරණයක් ගැනීමට නොවන බවත් එය වසරේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම බවත් කී හිටපු ජනාධිපතිවරයා නව සන්ධානගත වීම් සිදුවුවහොත් සිදුවන්නේ ඉදිරි දේශපාලන පෙරළි සමඟ බව ද කීවේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *