සජිත්ගෙන් ෆීල්ඩ් මාර්ෂල්ට කැපිල්ලක්..! නි. සංවිධායක ධූරය මරික්කාර්ට…!

December 16, 2022 at 7:10 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන ඇත.

මේ වන විට එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ සරත් ෆොන්සේකාය.

කෙසේ වුව ද පසුගියදා කැම්බල් පිටියේ පැවැති සජබ තෙවන සම්මේලනයේ සංවිධාන කටයුතු සිදු කළේ මරික්කාර් විසිනි.

එම සම්මේලනය ඇමැතූ සරත් ෆොන්සේකා සඳහන් කළේ අපේක්ෂා කළ තරම් ජනතාවක් පැමිණ නැති බවය. ෆොන්සේකා මෙසේ ප්‍රකාශ කළේ තමා යට කරමින් මරික්කාර් පක්ෂයේ ඉහළට රැගෙන යාමට නායකත්වය කටයුතු කරමින් සිටීම නිසා බවයි, දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

ෆොන්සේකාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මරික්කාර් සඳහන් කළේ ජනතාව පැමිණියේ නායකයාගේ කතාව ඇසීමට මිස ෆොන්සේකාගේ කතා ඇසීමට නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *