සජබ නායකත්වය පොරයේ සීතල යුද්ධය එළියට…! පාඨලීගේ 43 සේනාංකයට එරෙහිව සජිත්ගේ විහිඳුම් බලගණය…!

November 21, 2021 at 3:55 pm | by emanisa.lk

සමගි ජන බලවේගය මගින් විහිඳුම් බලගණය යනුවෙන් නව සංවිධානයක් ගොඩනඟා තිබේ.

එහි ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ය.

එහි මංගල හමුව ඊයේ (21) පැවැති අතර ඊට සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, බුද්ධික පතිරණ සියලු ම සජබ නායකයින් එක්ව සිටිය ද පාඨලී චම්පික පැමිණ සිටියේ නැත.

පාඨලී චම්පික විසින් සමගි ජන බලවේගය තුළ හිඳිමින් 43 සේනාංකය නම් සංවිධානයක් තැනීම පිළිබඳ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය එකල එල්ල විය.

විහිඳුම් බලගණය යනු පාඨලී චම්පික රණවකගේ 43 සේනාංකයට එරෙහිව සජිත් ප්‍රේමදාස විසින් ගොඩනඟන ලද සංවිධානය බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස