“අපි ගියෙත් බෙල්ල ළඟින් ම කපයි….!”සජිත්ට බයේ පාඨලිගේ රැස්වීමට ස.ජ.බ සංවිධායකවරු නොයති…!

March 31, 2021 at 9:29 am | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක විසින් 43 වැනි සේනාංකයේ හම්බන්තොට ජන හමුව සඳහා සමගි ජන බලවේගයේ හම්බන්තොට කිසිදු ආසන සංවිධායකවරයෙකු සහභාගී වූයේ නැත.

රටපුරා පවත්වන එම රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් අම්බලන්තොට දී පසුගියදා පැවැත්විණි.

පාඨලී රණවකගේ රැස්වීම් සඳහා සහභාගී වුවහොත් තමන්ගේ බෙල්ල ළඟින් ම කැපෙනු ඇතැයි සංවිධායකවරයෙකු තවත් සංවිධායකවරයෙකුට පවසා තිබේ.

සමගි ජන බලවේගය තුළ පාඨලී චම්පික රණවකට එරෙහිව දියත් වන විරෝධය මේ වන විට ගම් මට්ටමට ම ගොස් ඇති බව මෙම සිද්ධියෙන් තහවුරු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *