සංස්ථා සභාපතිලට මැතිවරණ වේදිකාව තහනම්! ඔවුන්ගේ දේශප්‍රේමි දේශපාලනය ලාභ පෙන්වීමයි! – ජනපති ගෝඨාභය සමග අලුත් දේශපාලනය ඇරඹි බව අනුප කියයි… (video)

July 13, 2020 at 11:14 am | by emanisa.lk

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ඥාතීන් හිතවතුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ යුගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග ආරම්භ වූ අලුත් දේශපාලනය සමග නිමා වූ යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් පවසයි.

අලුත් දේශපාලනයට ඔබ සූදානම්ද? යන තේමාව යටතේ කළුතර පැවති සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවර ඒ ඒ ක්ෂේත්‍රවල සුදුසුකම් සපිරූ සුදුස්සන් සංස්ථා සභාපති ඇතුළු තනතුරු සඳහා පත්කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවත් එම පිරිස මේ වන විට දේශපාලන වේදිකාවේ නොමැති බවත් ඔවුන්ගේ දේශප්‍රේමි දේශපාලනය අදාළ ආයතන වසරක් ඇතුළත ලාභදායි ආයතන බවට පත්කිරීම බවත් පස්කුවල් පවසයි.

මෙතෙක් සිදුවූයේ එම ආයතන දේශපාලනීකරණය වීමත් පක්ෂ දේශපාලනය සඳහා යොදා ගැනීම බවත් සඳහන් කළ හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ඒ නිසා ම අදාළ ආයතන පාඩු ලබන මහජන බදු මුදලින් දුවන ආයතනය බවට පත්වූ බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස