සංචාරක කර්මාන්තයත් ඈවරයි…! ශ්‍රීලන්කන් අත්තනෝමතික තීන්දුවක ..! රුසියානු ගුවන් ගමන් නවතා දැමේ .!

March 28, 2022 at 6:21 am | by emanisa.lk

රුසියානු සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල අද රාත්‍රියේ සිට නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් ‌සේවය තීරණය කොට තිබේ.

එහි නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නට්ල් විසින් විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුගිය කාල සමය පුරාම ලංකාවට වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙනි. නට්ල් විසින් ගෙන ඇති මෙම තීන්දුවත් සමග ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් විචාරකයන් සදහන් කරන්නේ රුසීයානු-යුක්රේන යුද්ධය හේතුකොට ගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි.

නට්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් මේ සදහා හේතු වී ඇති බව ද දැනගන්නට තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස