බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, ඉකුත් මාර්තු 09 වනදා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
අසාද් සාලි එහි දී ප්‍රකාශ කළේ තමා යටත් වන්නේ ෂරියා නීතියට බවත් රටේ නීතියට නොවන බවත් ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින තමන් මුදාහරින ලෙස ඉල්ලමින් අසාත් සාලි විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මේ බව අධිකරණයට දැනුම් දුන්නේ ය.