ශ්‍රී ලංකා පොලිසිය වැඩ අරඹයි! ගන්දර ජංගාගේ මුත්තා අත්අඩංගුවට!

February 9, 2019 at 4:36 am | by admin

ඩුබායි හීදී පොලිස් අත්අඩංගුවට ගත් දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ හා ඔහුගේ ගෝල බාලයින්ගේ නිවෙස් අද (8) පරික්ෂා කිරීමේ මෙහෙයුමේ දී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගත් බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

එහිදී ගන්දර ජංගා නම් පාතාල සාමාජිකයාගේ නිවසේ තිබී. යුද හමුදා ඇඳුම් කට්ටල නවයක්, කැමා ඇදුම් තුනක්, යුද හමුදා හිස් වැසුම් දෙකක්, ඉන පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතොරම් 11 ක්, හිස් පතොරම් කොපු 37 ක් කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක් පොලිස් බාරයට ගැණිනි. මෙහිදී ජංගාගේ මුත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස