ශ්‍රී ලංකා කොදෙව් සුපිරි තරු තරඟයේ ජය ලංකාවට….! තරඟයේ වීරයා උපුල් තරංග….!

March 7, 2021 at 8:45 am | by emanisa.lk

ඊයේ (06) රාත්‍රියේ පැවැති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ලෝක ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවේ රායිපූර්හි පැවැති ශ්‍රී ලංකා-බටහිර ඉන්දී කොදෙව් තරගයේ දී ශ්‍රී ලංකා සුපිරි කණ්ඩායම ජයග්‍රහණය කළේ ය.

“ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්” නමින් තරගයට පිවිස ශ්‍රී ලංකා සුපිරි තරු “බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්” කණ්ඩායම කඩුළු 05 කින් පරාජය කළේ ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 04 කට ලකුණු 157ක් ලබා ගත්තේ ය. සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 53 ක්ද, ඩ්වේන් ස්මිත් වේගවත් ලකුණු 47 ක්ද රැස් කළ අතර පන්දු යැවීමේදී තිලකරත්න ඩිල්ෂාන් සහ චින්තක ජයසිංහ එක් කඩුල්ල බැගින් බිඳ හෙළී ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුළු 05 කට ලකුණු 160 ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කළේ ය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 35 කදී නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ ය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 47 ක්ද, චාමර සිල්වා ලකුණු 22 ක්ද, රැස්කළ අතර තරඟයේ වීරයා ලෙස නම් කෙරුණේ උපුල් තරංගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *