ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 400ක ඉන්දීය ණය මුදල ගෙවා දමයි…!

February 5, 2021 at 5:05 pm | by emanisa.lk

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි.

එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බව ද මෙහි දී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබිණි.

2020 වර්ෂයේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබා ගනු ලැබ තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස