ශ්‍රිලනිපය ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂයයි..! අපට 3% ජවපෙ එක්ක සන්ධාන ඕන නෑ…! – ශ්‍රීලනිප අනුශාසිකා… චන්ද්‍රිකා..

December 23, 2021 at 4:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ පොඩි පොඩි පක්ෂවල එල්ලෙන පක්ෂයක් නොවන බවත් අවශ්‍ය නම් පොඩි පක්ෂවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට තිබෙන දැවැන්ත දේශපාලන පක්ෂයක් බවත් එවැනි දේශපාලන පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂ සමග සන්ධානගත වීමට සූදානම් බව පක්ෂ මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර සිදුකර ඇති ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපතිනිය පවසයි.

තම පියා සහ මව ඇතුළු බණ්ඩාරනායක පවුලේ සියලුදෙනා විසින් ආදරයෙන් රැකගත් පක්ෂය, අද වන විට පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ පක්ෂ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර විසින් 3% ක ඡන්ද පදනමක් ඇති ජනතා විමුක්ති පෙරමුණ වැනි බංකොලොත් දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වීමට ඇදගෙන යමින් තිබෙන බව හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස