ශ්‍රී ලංකාව ලොව හොඳ ම සංචාරක ගමනාන්ත 20 අතරට..!

November 28, 2022 at 9:44 am | by emanisa.lk

පසුබෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයට යහපත් බලාපොරොත්තු ඇති කරමින් ලොව හොඳම සංචාරක ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

ලොව පුරා සංචාරය කරන්නන් අතර අතිශය ජනප්‍රිය ජර්මානු සංචාරක සඟරාවක් වන කෝඩි නාස්ට් ට්‍රැවලර් (Condé Nast Traveller) සඟරාව විසින් පවත් පවත්වන ලද පාඨක ඡන්ද විමසීමක ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට සුදුසු හොඳම රටවල් 20 අතරට තේරී පත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාඨක සමීක්ෂණය අනුව ලද ප්‍රසාද ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ රැඳී ඇත්තේ 17 වැනි ස්ථානයේ වන අතර මෙම සඟරාව විසින් කරන ලද මත විමසුම අනුව ලොව හොඳම සංචාරක ගමනාන්ත තුන ලෙස තෝරාගෙන ඇත්තේ පෘතුගාලය, ජපානය සහ තායිලන්තය යන රටවල් බවද එම වාර්තා පෙන්වා දෙයි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් ඊශ්‍රායලය, තුර්කිය සහ දකුණු අප්‍රිකාව රැඳී සිටී.

ශ්‍රී ලංකාව එලෙස වර්ග කිරීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳ මෙම සඟරාව මෙලෙස කෙටි සටහනක් දක්වා තිබේ. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සිට වසංගතය දක්වා අභියෝග කිහිපයකට මුහුණ දී ඇති ලංකාව, ගෝලීය සංචාරක තරගකරුවකු ලෙස සිය ස්ථානය සුරක්ෂිත කර ගැනීමට මෑත වසරවල කටයුතු කර ඇත. එහි වෙ‍ෙළඳ ලකුණ වන ආගන්තුක සත්කාරය හරහා අමුත්තන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන අතර දිනෙන් දින පුළුල් වන හොඳ තත්ත්වයේ නව හෝටල් සහ නිවාඩු නිකේතනවල ලැයිස්තුව ද අමතක නොකළ යුතු බව එහි දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *