ශ්‍රී ලංකාව ලොව ආකර්ෂණීයතම සංචාරක ගමනාන්ත 05 අතරට….!

October 11, 2021 at 7:47 am | by emanisa.lk

ලොව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට යළිත් වරක් මෙරට පත්වෙමින් මේ වර්ෂයේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

ඒ අනුව ආධ්‍යාත්මික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වැනි ස්ථානයට පැමිණ තිබෙන බව ගෝලීය සුවතා ආයතනය පවසයි.

ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute) මගින් මෙම නම් කිරිම සිදුකර තිබෙන අතර කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා පැවත එන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන්ව ඇති අතර එය දියුණු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී.

ඉන්දුනීසියාවේ බාලි සහ ග්‍රීසිය ආදී රටවල් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන අතර කොස්ටරිකා රාජ්‍ය ශ්‍රී ලංකාවට පසුපසින් පසු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *