ශ්‍රී ලංකාවට ණයට දුන්නේ රාජපක්ෂලගේ කළු සල්ලි….! බෙහෙත් නොගෙන ණය ගෙව්වේ ඒකයි…!

June 6, 2022 at 6:35 am | by emanisa.lk

ශ්‍රී ලංකාව විදෙස් ණය ලෙස ලබාදී ඇත්තේ රාජපක්ෂලාගේ කළු සල්ලි යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරයි.

මෙරටට ඖෂධ ගෙන ඒමට තිබූ මුදලින් ණය වාරිකයක් ගෙවා දමන ලද්දේ ඒ හේතුවෙන් බව ද හෙතෙම පැවසීය.

ඖෂධ හිගයක් ඇති කරනු ලද්දේ බැසිල් රාජපක්ෂ විසින් බවත් ඖෂධය හිගය ඇති කළ අයට දඬුවම් කළ යුතු බව හෙතෙම කියා සිටියි.

මේ රටේ දේශපාලකයින් සිදුකරන හොරකම් පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැඟුණ ද නිලධාරීන් සිදුකරන සොරකම් පිළිබඳ සංවාදයක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *