Fitch Ratings කීවේ සහතික ඇත්ත…! කිරිපිටි හිඟයෙන් රට බංකොලොත් බව තහවුරුයි…! ජන. 18 රටේ ඉරණම තීණ්දු කරයි..! – රුවන්…

December 19, 2021 at 5:16 pm | by emanisa.lk

ලංකාව බංකොලොත් වෙමින් පවතින රටක් බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රමුඛ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සඳහන් කරයි.

රටේ දැනට පවතින විදේශ සංචිත ගත්විට ලබන ජනවාරි 18 දා තීරණාත්මක බව කී රුවන් විජයවර්ධන, එදිනට ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට තිබෙන බව ද හෙළි කළේය.

රට බංකොලොත්වීමේ ප්‍රතිඵල පෙන්වා දෙමින් මේ වන විටත් රටෙි කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස