ශ්‍රීලනිපය හෙලිකොප්ටරෙන් පනී..! පුංචි ඡන්දෙට තනියම එන්න සූදානම්..!

January 15, 2023 at 2:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හෙලිකොප්ටරය ලකුණ යටතේ ගොඩනැගූ ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එළඹෙන පළාත් පාලනව මැතිවරණයේ දී ශ්‍රීලනිපය තනිව තරඟ වැදීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

උත්තර ලංකා සභාගය සමග එකතු වී මෙම නව සන්ධානය ගොඩනැඟූවේ පසුගිය 11 වෙනිදාය.

අද (15) හවස රැස්වන ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව යටතේ ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රු. මිලියන 100ක දඩයක් නියම වීමත් සමග පක්ෂය තුළින් ම ඔහුට විරෝධයක් මතුව ඇතැයි ද වාර්තා වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *