වෛද්‍යවරු මගේ බෙහෙත එක්ක පිලී ජාතිත් දීලා….! එතකොට බෙහෙතේ බල බිඳෙනවා….! කමිටු වාර්තාව මම පිළිගන්නේ නෑ….! – ධම්මික බණ්ඩාර….

May 5, 2021 at 10:26 pm | by emanisa.lk

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්මික කමිටු වාර්තාව තමා පිළිනොගන්නා බව ධම්මික බණ්ඩාර වෙද මහතා පවසයි.

ධම්මික පැනිය කොවිඩ් මර්දනයෙහි ලා කිසිදු දායක්වයක් ලබා නොදෙන බව එම කමිටුව මගින් නිගමනය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

වතුපිටිවල රොහලේ බටහිර වෛද්‍යවරු තම බෙහෙත පිළිබඳ පරීක්ෂණයක් කළ බවත් එය ජනතාව අතරට ගියේ ඊට පසු බවත් ඔහු ප්‍රකාශ කරයි.

තමා නිපද වූ ඖෂධය අධ්‍යාත්මික ඔසුවක් නිසා එය ලබා දිය යුත්තේ මස් මාළු උම්බලකඩ ආදියෙන් වැළකී බව තමා ප්‍රකාශ කර ඇතැයි ධම්මික බණ්ඩාර වෙද මහතා පවසයි.

කෙසේ වුව ද රජරට විශ්වවිද්‍යාල ආචාර ධර්මික කමිටුව කොව්ඩ් ආසාදිතයින්ට තම බෙහෙත ලබා දී ඇත්තේ මස් මාළු උම්බලකඩ ආහාරයට ලබා දෙන අතර බවත් හෙතෙම අනාවරණය කරයි.

එලෙස බෙහෙත ලබා දුන් විට එය අසමත් වීම විය හැකි වුවත් අදටත් තමන්ගෙන් බෙහෙත් රැගෙන යන රෝගීන් සනීප වන බව ධම්මික බණ්ඩාර වෙද මහතා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස