කොවිඩ් කොළඹින් පිටත වේගයෙන් පැතිරෙයි….! මොනරාගල, බුත්තල, අම්පාර සහ මාතලේ ගම් 06ක් වසාදැමේ…!

April 28, 2021 at 12:46 pm | by emanisa.lk

රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් අද 28 උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය, වෙහෙර යාය, කොට්ටංබොක්ක යන ග්‍රාම නිලධාරි වසම් තුන, බුත්තල පොලිස් වසමේ රත්තනගම ග්‍රාම නිලධාරී වසම, අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල පොලිස් වසමේ අලුගොඩ ග්‍රාම සේවා වසම මෙසේ හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය

ඒ අනුව මේ වන විට ග්‍රාම සේවා වසම් 18 ක් හුදකලා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *