වෙල්ලස්සෙදි උකුස්සන්ට ප්‍රහාරයක්! විහාරාධිපති හිමි බලෙන් වේදිකාව අමතයි! ජගත් පුෂ්පකුමාරට හූ වරුසාවක්! (video)

July 19, 2020 at 9:27 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොනරාගල සෙවනගල ප්‍රදේශයේ සංවිධානය කළ ජනහමුව ඇමතීමට හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සූදානම් වන අවස්ථාවේ මහා සංඝ රත්නය මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ද දැඩි විරෝධයක් එල්ල විය.

අප්පච්චි පාරක් පාරක් ගාණේ ඇවිද්දවන්නට වැඩ කරන බව කී අය මේ වේදිකාවට සිටිනු දුටු විට දැඩි පිළිකුළක් දැනෙන බව පවසමින් බුත්තල උණවටුන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහසෙන්ගම නන්දසාර හිමි වේදිකානට නැඟ දැඩි කතාවක් කළේය.

පොහොට්ටුවේ ඡන්ද මොවුන්ට නොදෙන බවත් නැවත මොවුන්ට නැටීමට වෙල්ලස්සේ ජනතාව ඉඩනොදෙන බව ද එහිමියන් සඳහන් කළේය.

එහිමියන්ගේ කතාව සඳහා ජනතාවගෙන් දැඩි ප්‍රසාදයක් ලැබුණු අතර ජගත් පුෂ්පකුමාර නැවතත් සභාව ඇමතීමට උත්සාහ කළ ද ජනතාව දැඩි විරෝධයක් දැක්වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජගත් පුෂ්පකුමාර මෛත්‍රීපාල සිරිසේන යටතේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී එහි ඇමති ධුරයක් දැරුවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස