වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වෙනුවට රාජකාරියට යෙදවූ නව නිලධාරියා, එරික් පෙරේරාට වඩා හොඳින් රාජකාරි කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
එරික් පෙරේරාට ස්ථාන මාරුවක් ලබා දුන්නේ ඔහුට එරෙහිව ලැබුණු පෙත්සම් සලකා බැලීමෙන් පසුව බවත්, එම මාරුව පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුවූ එක් ස්ථාන මාරුවක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
එරික් පෙරේරා සමග තවත් නිලධාරීන් 35 දෙනකු මාරු කළ බව ද ඔවුන් පිළිබඳ කතා නොකරන්නේ ඇයිදැයි යන්න තමාට ගැටලුවක් බව ද ඇමැති වීරසේකර තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුවේ දී (05) කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබර් රහුමාන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්රකාශ කළේ ය.