විහාරාධිපති හිමි කතුන් 03ක් එක්ක විනෝද චාරිකාවක…!

January 31, 2024 at 1:01 pm | by emanisa.lk

ගිහි ඇඳුමින් සැරසී කාන්තාවන් තිදෙනකු සමග විනෝද චාරිකාවක් ගියැයි ලෙව්වන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට එරෙහිව එම ගම්වාසීන් විසින් පෙරේදා (29 ) විරෝධතාවක් පවත්වා ඇත.

මෙම භික්ෂූන් වහන්සේ විනෝද චාරිකාවට ගොස් සිටියදී එය දායකයකු දැක එම පින්තූර මුහුණු පොතට එක්කිරීමෙන් අනතුරුව අනෙකුත් දායකයන් ඇතුළු ගම්වාසීන් එම ඡායාරූප දැක කුපිත වී විහාරස්ථානය අසල මෙසේ උද්ඝෝෂණය කොට ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.

මෙම විහාරාධිපති හිමියන් එපා යැයි කියමින් ගම්මුන් උද්ඝෝෂණය කොට ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *