විවාහක රූ රැජින හබේ දුරදිග යයි…! කැරොලයින් චූලා අත්අඩංගුවට…!

April 8, 2021 at 3:15 pm | by emanisa.lk

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙලුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.

ඇයට කිරුළ පැළඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය.

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැළඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැළඳවිය.

මෙම ගැටුම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි විට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *