මම යකඩ ගැහැනියක්…! ඉදිරියේ දී දේශපාලනයට එන්න සූදානම්….! – පුෂ්පිකා ද සිල්වා….

April 6, 2021 at 10:12 pm | by emanisa.lk

ඉදිරියේදී තමන් දේශපාලනයට සම්බන්ධ වීමට වුවද හැකියාවක් ඇති බව පසුගියදා අවසන් වූ විවාහක රූ රැජින තරඟය ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි. තරඟය ජයග්‍රහණය කළත් අවසානයේ ඇගේ කිරුළ ප්‍රසිද්ධියේ පැහැර ගැනීම මහත් ආන්දෝලනයට ලක්විය.

විවිධ කෙනහිලිකම්වලින් තමා නවතාලිය නොහැකි බවත් තමා යකඩ ගැහැනියක බවත් ඇය අවධාරණය කළා ය.

අද පැවැති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට මෙරට තරග සංවිධායකයින් විසින් යළි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබීය.

“මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට.

ඒ වගේමයි දික්කසාද කාන්තාවකට වුවත් ඉදිරියේ දී මෙවැනි තරඟවලට සහභාගිවීමට ඉඩක් ලබා දෙන්න කියා හඬක් නගන්න මම කටයුතු කරනවා. මේ අවස්ථාවේදී මා වෙනුවෙන් පෙනී සිටිය සියලු දෙනා වෙනුවෙන් මම ස්තුතිය පුදකරනවා.

එමෙන්ම පසුගිය මහ මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ඉල්ලීම් සිදුකළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *