කැරලින් ජූරිගේ චෝදනා අසත්‍යයයි…! රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකාට…! පුෂ්පිකා තුවාල සහිතව රෝහලට…!

April 5, 2021 at 2:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට ලබා දීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රී තරඟය ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වාට කිරුළ පැළඳවීමෙන් පසු ඈ දික්කසාද බව කියමින් කිරුළ නැවත ලබා ගැනීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.

තරඟාවලියේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සඳහන් කරන්නේ හිටපු ලෝක සහ ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක වන කැරලින් ජූරි සඳහන් කළ ආකාරයට පුෂ්පිකා ද සිල්වා දික්කසාද කාන්තාවක් නොවන බව ප්‍රකාශ කරයි.

කැරලින් ජූරි අදාළ තරඟයේ විනිශ්චය මණ්ඩලයේ සිටි බවත් තරඟය අවසාන වන තුරු කිසිදු විරෝධයක් පළ නොකළ බවත් චන්දිමාල් ජයසිංහ වැඩි දුරටත් සඳහන් කරයි

කෙසේ වුව ද කැරලින් පූරි විසින් රූ රැජින කිරුළ ගැලවීම නිසා සිදු වූ තුවාල නිසා මේ වන විට පුෂ්පිකා ද සිල්වා රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *