විරෝධතා කර රට අගාධයක දාන්න එපා..! වහා ම දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟන්න…! – අපනයනකරුවෝ…

April 8, 2022 at 9:39 pm | by emanisa.lk

රට තුළ පවතින වාතාවරණයත් සමග සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙරට ක්ෂේත්‍ර රැසක අපනයනකරුවන් අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල අවධාරණය කළේ රටේ වහා ම දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟා ගත යුතු බවයි.

“වැටීගෙන යන ආර්ථික තත්ත්වයත් එක්ක අපි දකිනවා බොහෝම අනතුරුදායක තත්ත්වයක්. ඉන්දියාවෙන් ලබාගෙන ජීවත්වන ක්‍රේඩිට් ලයින් එක ඉවර වුණාම අපිට මොකද වෙන්නේ.

ඒක නිසා අපි ඊයේ රජයට, සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් පක්ෂ නායකයින්ටත් කථානායක හරහා ලිපියක් යොමු කළා. සංගම් 38කින්. රට ස්ථාවර කරගන්න, දේශපාලන පසුබිම, දේශපාලන ගමන හරියට හදාගන්න.

කැබිනට් මණ්ඩලයක් හදාගන්න. රජයේ යාන්ත්‍රණය හදාගන්න. 11 වනදා වෙනකොට IMF එකට යන්න අපේ රටට අවශ්‍ය ආරක්ෂණ දැල දාගන්න අවශ්‍යයි. නැත්නම් මෙතනින් එහාට අපි වැටුණොත් වැටෙන්නේ අපි දන්නේ නැති අඳුරු අගාධයකට.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *