විමල් වීරවංශ සහ ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය අතර මතුව ඇති ගැටළුව පාරේ යන ගලි බවුසර් දෙකක් එකිනෙක ගැටීම වැනි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
ගැලි බව්සර් දෙක එකිනෙක ගැටීම නිසා මුළු පළාතක් ගඳ ගස්සමින් ඇති බවත් කිසිවෙකු දිව ගොස් එක ගලි බවුසරයක් බදාගත යුතු නැති බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
එසේ වුවහොත් තමන්ට ද අශූචි නෑමට සිදුවනු ඇතැයි අනුර දිසානායක අනතුරු ඇඟවූයේ ය.
බොහෝ දෙනාගේ දේශපාලන අනාගයත් දේශපාලන සුජාතභාවයත් රාජපක්ෂලා ඉදිරියෙහි උගස් තබා ඇති බවත් මැක්කාගේ පැවැත්ම ඇත්තේ බල්ලා ජීවත් වන තුරු හෙයින් බල්ලා රැකීම හැර විකල්පයක් නොමැති බවත් ජවිපෙ නායකයා අවධාරණය කළේ ය.