විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කිසිම හේතුවක් මත සමගි ජන බලවේග සන්ධානයට නොගන්නා බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ එම සන්ධානයේ රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු සමිගි ජන බලවේගය සමග කටයුතු කරන සුළු වාර්ගික පක්ෂ සමග පැවැති සාකච්ඡාවක දී ය.
මේ වන විට විවිධ පක්ෂවල හීන කුල නායකයින් සමගි ජන බලවේගයට සහ එම සන්ධානයට එකතු කර ගැනීම පිළිබඳ පෙර කී නායකයින් එම සාකච්ඡාවේ දී සිය අප්‍රසාදය ප්‍රකාශ කොට තිබේ. එහි දී මනෝ ගනේෂන් පවසා ඇත්තේ මේ යන විදිහට නුදුරේ දී ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද සජිත් සමග එකතු වනු ඇති බවත් එසේ වුවහොත් තමන්ට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බවත්ය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ දැන් පක්ෂයට කවුරු එකතු වුව ද සිය ආණ්ඩුවක් යටතේ පළමුව තමන් සමග මුල් අවස්ථාවේ සිට ම කටයුතු කළ සුළු වාර්ගික පක්ෂවල නායකයින්ට සලකන බවයි. එසේ ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කිසිසේත් සිය පක්ෂයට එකතු කර නොගන්නා බව ද සජිත් ප්‍රේමදාස එහි දී අවධාරණය කර තිබේ.