විමල් රාජ්‍ය නායකයා වෙයි කියා සමහරු බියවෙලා…! රාජපක්ෂ පවුල කුමන්ත්‍රණයක…! – මුරුත්තෙට්ටුවේ හිමි නැවතත් මාධ්‍ය හමුවක…

February 13, 2021 at 1:51 pm | by emanisa.lk

2015 මහින්ද සුළඟ නුගේගොඩින් ආරම්භ කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

පැරදී නැවත මැදමුලනට ගිය මහින්ද රාජපක්ෂ නැවත සක්‍රීය දේශපාලනයට ගැනීමට කටයුතු කළේ ද විමල් ඇතුළු පිරිස බව එහිමියන් අවධාරණය කරති.

අද පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්ව විමල් වීරවංශ අනාගත නායකයකු ලෙස නැඟේය යන බියෙන් කුහක විවේචන කරන බව ද මුරුත්තෙට්ටුවේ හිමි පෙන්වා දෙයි.

මේ තර්ජනය ඇතැම් විට රාජපක්ෂ පවුල දෙසින් ද පැමිණිය හැකි බව සඳහන් කළ එහිමියන් අද කෑ ගසන ඇතැමුන් එදා රටේවත් නොසිටි බව ද සිහිපත් කළහ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වැනි කේවට්ටයින්ගේ කටයුතු නිසා ආණ්ඩුව පිරිහෙන බවත් ඔවුන් ඉවත් කළහොත් ජනාධිපතිවරයාට රට දියුණුව කරා ගෙන යා හැකි බවත් මුරුත්තෙට්ටුවේ හිමි කීය.

මහින්ද රාජපක්ෂගෙන් පසු රට අරාජික නොවී තබා ගැනීමට නායකයකු උවමනා බවත් ඒ සඳහා බැසිල් රාජපක්ෂට ජනප්‍රසාදයක් නොමැති බවත් සඳහන් කළ මුරුත්තෙට්ටුවේ හිමි ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒමට සාකච්ඡා කරන බව ද ප්‍රකාශ කළේ ය.

විමල් වීරවංශ ආණ්ඩුවෙන් නෙරපීම සඳහා ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් සිදුකරන කටයුතු පිළිබඳ අගමැතිවරයා දැනුම්වත් කළ බවත් දැනට පැතිරෙන කටකතා සත්‍ය විය හැකි බවත් උන් වහන්සේ සඳහන් කරති.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස