පළාත් සභා කොරෝනාට වඩා දරුණුයි..! වහා ම අතුගා දමනු…! නැත්නම් ජනතාව සමග පාරට බහිනවා…! – මුරුත්තෙට්ටුවේ හිමි….

December 28, 2020 at 11:34 pm | by emanisa.lk

පළාත් සභාව කොරෝනා වසංගතයටත් වඩා දරුණු වසංගතයක් බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

කෙසේ වුවද මේ වන විට අදුෂ්‍යමාන හස්තයක බලපෑම මත පිරිසක් පළාත් සභා නැවත බලාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ද එහිමියන් පෙන්වා දෙති.

කවුරු කෙසේ කීවත් පළාත් සභා වසංගතය මේ රටෙන් වහාම තුරන් කළ යුතු බව මහා සංඝරත්නයේ ස්ථාවරය බව ද මුරුත්තෙට්ටුවේ හිමි සඳහන් කළේ ය.

හැංඟි හැංඟි වෙස් බැන්ද ද නටන්න වෙන්නේ එළියේ බවත් ඒ සියලු වෙස් ගලවා දැමීමට මේ රටේ ජනතාව සූදානම් බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

තනතුරුවලට ගිජුකමින් පළාත් සභා ඉල්ලා සිටින අය ද සිය කෑදරකම් අතැර මේ රට නඟා සිටුවන්නට දායක විය යුතු බවත් නැතහොත් ජනතාව සමග එක්ව පළාත් සභාවලට එරෙහිව පාරට බහින බවත් මුරුත්තෙට්ටුවේ හිමි වැඩි දුරටත් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *