විමල්ලගේ යුගදනවි විරෝධය ප්‍රෝඪාවක්…! සැබවින් ම විරුද්ධ නම් ආණ්ඩුවේ ඉන්න බෑ…! – ජවිපෙ

December 29, 2021 at 1:11 pm | by emanisa.lk

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යුගදනවි බලාගාර ගිවිසුමට විරුද්ධ නම් කළ යුත්තේ කැබිනට් ඇමැති ධූර අතහැර ආණ්ඩුවෙන් එළියට බැසීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසන්නේ, ඔවුන්ගේ විරෝධය අවංක නම් තව දුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බවය.

සිය ඇමැතිවරු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව කටයුතු නොකරන්නේ නම් ඔවුන් එළියට දැමීමට ජනාධිපතිවරයා ද කටයුතු කළ යුතු බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අවස්ථාවේ ඒ දෙක ම සිදු නොවන බවත් සිදුවන්නේ ප්‍රෝඪාවක් බවත් නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *