විපක්ෂ හෙළිදරව්ව ඇත්ත…! ලක්ෂ 40ක වැටුප් ගත්ත සභාපති දොට්ට…!

July 18, 2021 at 12:49 pm | by emanisa.lk

රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩි ම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය.

අප වෙත වාර්තා වූ ආකාරයට රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක අනුබද්ධ සමාගම් දෙකකින් මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබේ. මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ද දැඩි ලෙස රජයෙන් ප්‍රශ්න කර තිබිණි.

එලෙස ඉවත්කරන ලද සභාපතිවරයා වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ධුරයට පත්කොට ඇති අතර ඒ සඳහා එම විෂයභාර අමාත්‍යවරයා දැඩි විරෝධය පළකර ඇත. නව තනතුර ලැබීමෙන් පසු ඔහුගේ වැටුප රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට රුපියල් 97,500ක වැටුපක් ලබන විට මෙම සභාපතිවරයා රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලැබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *