විපක්ෂ නායක සජිත්! නියෝජ්‍ය කතානායක සියඹලාපිටිය!

August 20, 2020 at 1:10 pm | by emanisa.lk

09 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කෙරුණු අතර ඒ අනුව වෙනත් නම් නොමැති හෙයින් ඔහුව තෝරා පත් කර ගනු ලැබිණි.

ඔහුගේ නම යෝජනා කළේ අමාත්‍ය මහින්ද අමරවීර විසිනි. එයද සම්මත කෙරිණි.

නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් පත්කිරීමට නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සභාව විසින් එය ස්ථිර කෙරුණි.

තවද විරුද්ධ පක්ෂ නායකයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නම පිළි ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මංගල සැසියේ කටයුතු අද පස්වරු 3.00 දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පක්ෂ නායක රැස්වීමක් සඳහා කටයුතු යොදා ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස