විපක්ෂෙ ඉඳන් වැඩ පෙන්නූ අපට රට හදන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි…!

March 21, 2022 at 7:49 pm | by emanisa.lk

70 වසරක දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ ගමනක් සමගි ජන බලවේගය පැමිණ ඇතැයි එහි නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද සිය ජනරැලියකට පැමිණ ඇද වැටී මිය ගිය 73 හැවිරිදි කාන්තාව පවා රාජපක්ෂ පවුල පන්නා දමා සමගි ජන බලවේගය බලයට පත් කිරීමේ පිරිසිදු චේතනාවෙන් කටයුතු කළ බවයි, විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, රට වැටී ඇති ආගාධයෙන් ගොඩගත හැකි එකම විකල්පය සමගි ජන බලවේගය බවයි.

විපක්ෂයේ සිට වැඩ කොට පෙන්නූ තමන්ට ආණ්ඩු බලය ලබා ගෙන රට හැදීම මහ ලොකු දෙයක් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

එහෙත් ගමන අමාරු බවත් කැපකිරීම් කිරීමට සිද්ධ වන බවත් ඔහු සඳහන් කරයි.

අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඊයේ (20) හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *