විපක්ෂයේ ලොක්කෙක් දෙබිඩි රංගනයක…! පුංචි ඡන්දේ කල් දාන්නැයි ආණ්ඩුව ඉදිරියේ වැඳ වැටේ..!

January 18, 2023 at 4:51 pm | by emanisa.lk

විපක්ෂය ප්‍රසිද්ධියේ මැතිවරණ ඉල්ලමින් ද රහසින් මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ද දෙබිඩි දේශපාලනයක නිරත වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තුවට පැමිණ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උපාය යොදන බවට චෝදනා කරන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පෞද්ගලිකව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කොට මැතිවරණය කල් දමන ලෙස ඉල්ලන බවටයි, ඇමැතිවරයා චෝදනා කළේ.

ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය සමයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් අමතා මෙම ඉල්ලීිම කොට ඇති බව ද විජයදාස රාජපක්ෂ හෙළි කළේය.

අද (18) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *