විපක්ෂයේ අය ඇමැතිකම් ඉල්ලං පස්සෙන් එනවා..! දැන් බොරුවට පාර්ලිමේන්තුවේ කෑ ගහනවා..! – රනිල්…

May 17, 2022 at 2:58 pm | by emanisa.lk

සභාවේ කෑ කෝ ගසන කෙතරම් පිරිසක් ඇමැතිකම් ඉල්ලා ගෙන තමා වෙත පැමිණියේ දැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

අද (17) උදෑසන අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතද්දි විපක්ෂය සිදුකළ බාධා කිරීම් හමුවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස පුච්චා දැමීම අනුමත කළ නොහැකි අතර අනාගතයේ දී කිසියම් හේතුවක් දක්වා ඕනෑ ම අයෙකුගේ නිවසක් පුළුස්සා දැමිය හැකි බවට ද අගමැතිවරයා අනතුරු ඇඟවූයේය.

එසේ ම ජනතාවට පාර්ලිමේන්තුට අප්‍රසන්න වීමට හේතු වී ඇති එහි සංස්කෘතිය වෙනස් කළ යුතු බව ද අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස