විධායක ජනාධිපතිකම දුර්වල කරන්න හදන්න එපා! මහින්ද මහත්තයට යුද්දේ දින්නේ විධායක ජනාධිපතිකම නිසයි! – ප්‍රසන්න

September 19, 2020 at 11:28 am | by emanisa.lk

19 වැනි සංශෝධනය ඉවත් නොකර තබා ගන්නේ නම් රටට වැඩක් කිරීමට ආණ්ඩුවට නොහැකි වන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. අ

මාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“රටට වැඩක් කරන්න නම් මේ 19 තියාගෙන කරන්න බෑ. එළ හරකයි මී හරකයි වගේ එදා ජනාධිපති මෛත්‍රීයි රනිලුයි වැඩ කළේ.

ඒ නිසා වැඩ කරන්න ඕනෙ පසුබිමක් නිර්මාණය කරන්න කෙටි කාලීන වැඩකට තමයි 19 අහෝසි කරලා … එතකොට 19 අහෝසි කරාම ආපහු 18ට යන්න බෑ. 20 සංශෝධනය එන්න ඕනෙ. සංශෝධනය ඒකටයි ගේනවා කිව්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට යුද්ධෙ දිනන්න පුළුවන් වුණේ විධායක බලතල එක්ක තනතුරේ ඉඳපු හින්දා. ජනාධිපතිකමට හොඳ මනුස්සයෙක් ආවොත් හොඳක් කරන්න පුළුවන්”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *