විදෙස්ගත ලාංකිකයන්ගේ ඉඩම් හොරෙන් විකුණන ජාවාරමක්! හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ්ගේ වැඩක්?

October 31, 2020 at 1:57 pm | by emanisa.lk

විදෙස්ගත ලාංකිකයන්ට අයත් ඉඩම් හොර ඔප්පු හදා විකුණන ජාවාරමක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි.

අධිකරණ නඩු හබ පවා ඇති ඇතැම් ඉඩම් හොර ඔප්පු හදමින් විකුණන ජාවාරම පිටුපස සිටින්නේ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු බවට එහි චෝදනා නැඟෙයි.

පෞද්ගලික ආරක්ෂක සමාගමක් සමග එකතු වී සිදුකරන මෙම ජාවාරමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් ම අගමැති මහින්ද රාජපක්ෂ ද සම්බන්ධ බව කියමින් ජනතාව බිය ගන්වන අයුරු එහි දැකගත හැකි ය.

මෙවැනි සිදුවීම් සුළුවෙන් තැකිය යුතු නොමැති බවත් අදාළ බලධාරීන් මේ වන විටත් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

මෙම සිදුවීමට සිය පවුලේ කිසිවෙකුගේ සම්බන්ධයක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

වීඩියෝව මෙතැනින්…

https://www.facebook.com/100625075078290/videos/1077653586010967

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස