විදුලි බිල තීරණය කරන්නේ ඇමැති..! ඒකට ඇඟිලි ගහන්න PUCSL සභාපතිට බෑ…! ඔහු මා යටතේ ඉන්න නිලධාරියෙක් විතරයි..! – ජනාධිපති…

December 8, 2022 at 3:52 pm | by emanisa.lk

රටේ විදුලි බිල සංශෝධනය පිළිබඳ තීන්දු ගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට බලයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (08) පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“මේකේ බලය තියෙන්නේ ඇමතිට හා කැබිනට් මණ්ඩලයට. මමයි ඔය පනත හැදුවේ. මම දන්නවා ඕකේ තියෙන බලතල. මම තමා PUCSL පනත හැදුවේ. අනික ඒක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. මම නොදන්නවයැ.

මම දන්නේ නෑ ඇයි ජනතාව නොමඟ යවන්නේ කියලා. සභාපතිව මුණගැහෙන්න තියෙනවා. මට දැන් ලැබිලා තියෙනවා එතුමා ගැනත් කරපු ප්‍රකාශය ගැනත් පැමිණිලි කිහිපයක්. මෙතුමා කියනවා විදුලිබලය වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. එතකොට කොහොමද ආර්ථිකය ගෙනියන්නේ.

එයාට ඇති බලයක් නෑ. එතුමා තමා ට්‍රිලියම් සමාගමේ සභාපති. ඒ සමාගම තමා වැඩියෙන්ම විදුලිය ගන්නේ. එතුමාට සමාගම් කිහිපයක් තියෙනවා. විදුලිබලය වැඩි වුණාම එතුමාගේ වියදම් වැඩිවෙනවා. එතුමාට කරන්න තිබුණේ මට මේක බලපානවා, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මම මේකට එන්නේ නෑ කියලා කියන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *