ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ට සිය බිරිඳගේ පවුලෙන් විශාල වත්කම් ප්‍රමාණයක් හිමිව ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
නාරාහේන්පිට කඩ පෙළ එම පවුලේ බවත් අභයාරාමයට ඉඩම් පරිත්‍යාග කළේ විජිත හේරත්ගේ බිරිඳගේ සීයා බවත් ඔහු හෙළි කරයි.
ජවිපෙ නායකයා වැඩි දුරටත් හෙළි කළේ, වසන්ත සමරසිංහ තඹුත්තේගම ගම්භාර පවුලෙන් පැවැත එන අතර ඔහුට ද තඹුත්තේගම ෂෙඩ් එක අවට ඉඩම් ඇතුළු ඉඩම් විශාල ප්‍රමාණයක් හිමිව ඇති බවයි.
අනුරාධපුරයේ ලාල්කාන්තට විශාල ඉඩම් ප්‍රමාණයක් ඇති බවත් වෛද්‍ය නලින්ද ජයතිස්සට විශාල වත්කම් ප්‍රමාණයක් ඇති බවත් අනුර දිසානායක ප්‍රකාශ කරයි.
ජවිපෙ දුප්පතුන් වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් මිස දුප්පතුන්ගේ පක්ෂයක් නොවේ යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ජවිපෙ නායකයා මේ බව සඳහන් කළේය.