රටේ ප්රජාතන්ත්රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පැවසීය.
ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුලුන වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය සංවරණ සහ තුලනය මඟින් ප්රජාතන්ත්රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍ය ලෝකයම පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නමුත් වත්මන් රජය මෙවැනි විකාශන අධිකාරී පනත් හරහා නිදහස් මාධ්‍ය විනාශ කිරීමට සූදානම් වූ අතර මෙවැනිම ආකාරයේ පනතක් 1997 එවක රජය ඉදිරිපත් කළ මොහොතේ 1997 මැයි මස 5 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා කියා සිටියේ එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය. වර්තමානයේ ඉදිරිපත් වී ඇති මේ පනතත් එදා මෙන්ම සම්පූර්ණයෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, දරදඬු, ප්රජාතන්ත්රවාදී විරෝධි, ප්රජාතන්ත්රවාදය කෙළසන, බරපතල, ජනතා නිදහස අවලංගු කරන පනතක් බවත් මේ අවස්ථාවේ සියලුම මාධ්‍ය එකට එකතු වී මේ පනත පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආඥාදායී, දරදඬු, මුග්ධ විකාශන අධිකාරී පනත සහමුලින්ම පරාජය කළ යුතු බවත් නිදහස් මාධ්‍ය දිනවිය යුතු බවත් රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙරට ප්රජාතන්ත්රවාදී ක්‍රමයට එල්ලවන මරු පහරවල් පරාජය කළ යුතු බවත් ය.
විධායකය විසින් විවිධ භෝජන සංග්‍රහ පවත්වා විනිසුරුවන් දැඩි ලෙස අපහසුතාවට පත් කර ඇති බවත් අති වැදගත් අධිකරණ ක්‍රියාදායමක් ක්‍රියාත්මක මේ මොහොතේ එවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් එබැවින් ස්වාධීන අධිකරණයට සහ අපක්ෂපාතී විනිසුරුවන්ට මෙවැනි බලපෑම් සිදු නොකරන ලෙසත් රටේ ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වෙන ක්‍රියාදාමයන් සිදු නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.
එසේ ම අප රට තුළ ප්රජාතන්ත්ර විරෝධී දේවලට මෙන්ම ඒකාධිපතීත්වයට ආඥාදායකත්වයට කිසිදු තැනක් නොමැති බවත් ප්රජාතන්ත්රවාදය සුරකින්න කළ හැකි සියලු ම දේ කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.