වැලිකඩ බන්ධනාගාර රෝහලේ එන්නත් මගඩියක්…! ලැයිස්තුවේ නැති ප්‍රභූන්ට රහසේ ම එන්නත දීලා….!

May 7, 2021 at 7:12 am | by emanisa.lk

එන්නත් ලබා ගැනීමට ලියාපදිංචි වී නොසිටි ප‍්‍රභූ පැලැන්තියේ සිය දෙනකුට අධික පිරිසකට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ දී පෙරේදා (05) සහ ඊයේ (06) හොර රහසේ කොවිඩ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

රට පුරා එන්නත් ලබාදීමේ උග‍්‍ර අර්බුදයක් මතුව ඇති මොහොතක බන්ධනාගාර රෝහලක් තුළ දී මෙලෙස පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම පිළිබඳව රජය වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ ඉහළ නිලධාරනියකටත්, එන්නත් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියකගේ දියණියකටත් කොවිඩ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එය ලබා නොදුන් සෞඛ්‍ය අංශ බන්ධනාගාරයක් තුළ දී තෝරාගත් පිටස්තර ප‍්‍රභූ පැලැන්තියකට මෙලෙස එන්නත ලබා දෙන්නේ කුමන පදනමකින් දැයි තමා ප‍්‍රශ්න කරන බව වෛද්‍ය බෙල්ලන කීවේය.

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ දී කොවිඩ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා දුන් පිරිසගේ නම් සඳහන් කරගෙන නැතත් අවශ්‍ය පරීක්‍ෂණයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තමන් සතුව ඇතැයි ද වෛ්‍යෛවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *