කොරෝනා එන්නත්කරණ ප්‍රමුඛතා අනුපිළිවෙළ වෙනස් වෙයි…! මුලින් ම එන්නත 40-60 වයස් කාණ්ඩයට…!

February 2, 2021 at 8:22 am | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බිය වීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.

එන්නත ලබාදීමෙන් පසුව උණ, ඇඟපත වේදනාව, සිරුරේ අප්‍රාණික ගතිය, වමනය, එන්නත් කළ ස්ථානයේ රිදීම් හා රතුවීම් වැනි සුළු අසාත්මිකතා ඇති විය හැකිය.

ඉදිරියේ දී එන්නත් ලබාදීමේ දී වයස අවුරුදු 40-60 වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත්, දෙවනුව වයස අවුරුදු 20-30ත් අතර පසුවන්නන්ටත්, තෙවනුව වයස අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයන්ට ලබාදීමටත් කටයුතු කරන බව හෙතෙම සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *