වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා!

July 27, 2020 at 5:29 pm | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි.

මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 580ක් බව වාර්තා වෙයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 465, කාර්ය මණ්ඩලයේ 65, ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 45 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 05ක්, කටාර් සිට පැමිණි සිව්දෙනෙක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් තිදෙනෙකු එලෙස වාර්තා වූ රෝගීන් අතර සිටිති.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2782ක් වන අතර සුවය ලැබූ රෝගීන් ගණන 2106ක් වේ. දැනට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 665ක් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *