වැරදි කරල නැත්නම් බය වෙන්න දෙයක් නෑ….! – ජොන්ස්ටන්…

February 19, 2021 at 11:03 pm | by emanisa.lk

කිසිවෙක් ප්‍රජා අයිතිය අහිමි වන මට්ටමේ වැරදි තීන්දු තීරණ ගෙන ඇත්නම් ඔවුන් භීතියට පත්වනු ඇතැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

නීත්‍යානුකූල නොවන FCIDයක් තනා නීත්‍යානුකූල නොවන මට්ටමින් විරුද්ධ පක්ෂ දේශපාලන නායකයින්ට දසවධ දුන් යුගයක් පසුගිය අවුරුදු පහේ පැවැති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

තමා පමණක් නොව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ දරුවන් දෙදෙනා ද බැසිල් විමල් ගම්මන්පිල සහ මහින්දානන්ද අලුත්ගමගේ ද මෙලෙස සිරගත කළ බව ඔහු සිහිපත් කරයි.

එම තීන්දු තීරණ ගත් අයගේ හෘද සාක්ෂිය තමන් වරදක් කළේ යැයි දන්නේ නම් ඔවුන් බය වී ඇතැයි ද නො එසේ නම් බිය වීමට කිසිවක් නැතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *