වැඩ මිලට පොහොර විකිණූ ගබඩාවක් වටලයි….! දොරගුළු බිඳ පොහොර ගොවීන්ට බෙදා දෙයි…!

June 2, 2021 at 11:58 am | by emanisa.lk

රුපියල් 1500 පොහොර මිටි රුපියල් 4000 අලෙවි කළ පොහොර ගබඩාවක් වට ලා එම ගබඩාවේ තිබූ පොහොර කල්මුණේ ප්‍රදේශයේ ගොවීනට බෙදා දිමට අම්පාර පාරිභෝගික සේවා අධිකාරිය අද (02) පියවර ගත්තේය.

පොහොර මිටි තොගයක් සඟවා තබා ගෙන පොහොර හිඟ යැයි පෙන්වමින් අධික මිලට අලෙවි කරන බවට ජාතික ගොවි සංවිධානය වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය.

රජය විසින් රසායනික පොහොර ආනයනය කිරීම නතර කළ නිසා නැවත පොහොර ගෙන්වීම සිදු නොවන බව පවසා කළු කඩකාරයන් උපරිම මිලකට තම පොහොර අලෙවි කර ගැනීමට මෙසේ පොහොර හිගයක් මවා පා ඇතැයි ගොවීහු චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *